Tag » HIV

ලිංගික වෙනස්කම අපරාධයක්ද?

සමලිංගිකත්වය, ද්විලිංගිකත්වය සහ  සංක්‍රාන්ති ලිංගිකයින්  පිළිබදව සිංහල රජ කාලයේ පටන් වාර්තා හමු වනවා. නමුත් වර්තමානයේ ඒ් සම්බන්ධව සමාජය බලන්නෙ වපරැසින්. දැනුවත් භාවයකින් තොරව. මෙම තත්වය පැහැදිළි කර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ සමකාමී ප්‍රජාව වෙනුවෙන් කටයුතු කරන හාට් ටු හාට් සංවිධානය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත.

ඔබගේ සංවිධානය කුමක්ද?

අපේ සංවිධානය වැඩ කරන්නෙ සමලිංගික, ද්වි ලිංගික, සංක්‍රාන්ති ලිංගික පිරිමින්ගේ ලිංගික සෙෘඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබා දීමත්, ඔවුන්ව කොන්කිරීමෙන් සහ වෙනස්කොට සැළකීමෙන් මුදවා ගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබා දීමත් සඳහායි. මෙම දැනුවත් කිරීම හරහා ලිංගිකව සම්ප්‍රේෂණය වන විවිධ රෝග සහ විශේෂයෙන් එච්.අයි.වී ශරීරගත වීමෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය දැනුම ලබාදීම සිදු කරනව. අපි මේ වෙනකොට කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක වල 2000 ක පමණ පිරිසක් සමග වැඩ කරනව. මේ සඳහා ආපට අවශ්‍ය මූල්‍යාධාර ගෝලීය අරමුදල හරහා ලැබෙනව.

මෙයට අමතරව අපේ සමාජයේ සංක්‍රාන්ති ලිංගිකයින් මුහුණ දෙන ප්‍රශ්න සඳහා අවශ්‍ය සහය ලබාදීම සඳහාත් කටයුතු කරනව. විශේෂයෙන් ඔවුන් ලිංගික වෙනස්කම් වලට භාජනය වූ පසු තමන්ගේ මූලික ලියකියවිලි වෙනස්කර ගැනීම සඳහා අවශ්‍ය මගපෙන්වීම සහ තොරතුරැ ලබාදීම අප විසින් සිදු කරනව. මෙයට අමතරව ලිංග විපර්යාසය සඳහා අවශ්‍ය වන සැත්කම් කරගැනීම සඳහා අවශ්‍ය මග පෙන්වීම සහ තොරතුරැ ලබාදීමත් අප විසින් සිදු කරමින් ඉන්නව.

කොන්කිරීම සහ වෙනස්කොට සැළකීම වළක්වා ගැනීම සඳහා යමක් කරන්නෙ නැද්ද?

මේ සඳහා වැඩ කරන්න අවශ්‍ය මූල්‍ය ආධාර තවමත් අපට ලැබිල නෑ. ඒ නිසා අපට කරන්න පුළුවන් මට්ටමින් සමාජ ජාලා භාවිතා කරමින් සහ හිතවත් මාධ්‍යවේදීන් සමග කටයුත කරමින් අවශ්‍ය ඉලක්කයට යන්න උත්සාහ කරනව. ඒ වගේම මේ සම්බන්ධයෙන් වැඩ කරන අනෙකුත් ආයතන සමග සහයෝගයෙන් වැඩ කරනව.

සමස්තයක් විදියට කොන්කිරීම සහ වෙනස්කොට සැළකීමට එරෙහි වීම සඳහා කරන වැඩ කටයුතු සාපේකෂ්ව අවම මට්ටමක තමයි තියෙන්නෙ.

සමාජයේ මතයක් තියෙනව සමකාමීන්, ද්විලිංගිකයින්, සංක්‍රාන්ති ලිංගිකයින් අපේ සංස්කෘතිය විනාශ කරනව කියල. මේක මෝස්තරයක් බවට පත් කරල සමාජගත කරන්න හදනව කියල. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

මේ වෙනකොටත් සමලිංගිකත්වය මානසික රෝගයක් නොවන බවට ඔප්පු වෙලා තියෙනව. ඒ නිසා ලෙ‍ාකයේ සමහර රටවල් මේ වෙනකොටත් සමලිංගිකත්වය නීතිගත කරල තියෙනව. ඇත්තටම අපට මේ ප්‍රශ්නය එන්නෙ 1800 ගණන් වලින් පස්සේ ඒ් කියන්නෙ වික්ටෝරියානු සදාචාර යුගයෙන් පස්සෙ. සුද්දො ඇවිත් ඒගොල්ලන්ගේ නීති පද්ධතිය අපේ රටේ ස්ථාපිත කරල යනව. ඒගොල්ලන් ගියාට නීතිය තාම තියෙනව. ඒගොල්ලන්ගෙ රටවල මේ නීති වෙනස් වෙමින් තිබුණට අපි ඒ වෙනස්කම් වලට යන්න මැලිකමක් දක්වනව. ඊට කලින් අපේ රටේ මේක පුශ්නයක් බවට පත් උනේ නෑ. අනෙකාගේ පෞද්ගලකත්වය ඉක්මවා යන්නට අපේ රටේ මිනිස්සු කටයුතු කලේ නෑ. ඒකගෙයි කෑම වගේ විවාහ සම්ප්‍රදායන් පවා අපේ රටේ තිබුණ. ඔය සුද්දගෙ නීතියෙන් පස්සෙ ඒ්ක මහා වැරැද්දක් වගේ පේන්න පටන් ගත්ත. අනෙක අපේ ලිංගිකත්වය බහුතරයෙන් වෙනස් උනාට ඒක සමාජ විරෝධී වන්නෙ කොහොමද? මේක ඇබ්බැහි වීමක්වත්, මෝසතරයක්වත්, රෝගයක්වත් නෙමෙයි. මේක ඇබ්බැහියක් නම් නැත්නම් කාව හරි පොළඹවන්න පුළුවන්නම් විෂමලිංගි අයව මේකට යොමුකරගන්න පුළුවන්නෙ. එහෙම වෙන්නෙ නෑ. ඒහෙම වෙනව නම්  ඒකෙම අනික්පැත්තත් ඒ කියන්නෙ සමකාමීන්වත් වෙනස් කරන්න පුළුවන්නෙ. එහෙම කරන්න බෑ. මේක ජාන වලින් එන තත්වයක් සහ ඒ්ක ඒළියට ඒන්න තවත් සමාජමය සහ මනෝ විද්‍යාත්මක හේතු බලපාන්න පුළුවන්. මොනව බලපෑවත් ජානමය පිහිටීමක් තියෙන්වනම් විතරයි මේක වෙන්නෙ ඒක විද්‍යාතමකව පිළි අරන් තියෙනව. අපට ඒ්ක හිතුමතේ තීරණය කරන්න බෑ.

ලිංගිකත්වය කියන්නෙ අතිශය පෞද්ගලික කාරණාවක්. අනෙකාගේ කාමරයෙ යතුරැ හිලෙන් බලන්නෙ නැතිව හිටියහම හරි. තමන්ගෙ බිරිඳ සමග ලිංගිකව හැසිරෙන්නෙ කොහොමද කියල අහන එක සාදාචාරසම්පන්න නෑනෙ. ඒ වගේම තමයි අපේ ලිංගිකත්වය පෞද්ගලික කාරණාවක්. ඒක දිහා හොරෙන් බලල ප්‍රසිද්දියෙ කියන්න යන්න එපා. මානුෂිකව අපි දිහා බලන්න. මේක අපිට උපතින්ම ලැබෙන දෙයක්. ‍අනෙක් කාරණාව මේක මොස්තරයක් වෙයි කියන එක. දැන් කොළඹ සහ නාගරික ප්‍රදේශ වල ඒක හරියි කියල උපකල්පනය කරමුකො. මොකද ෆැෂන් වලට ‍නාගරිකයෙ නැඹුරැවක් තියෙනව. හැබැයි ඈත ගම් දනව් වල ඉන්න සමකාමීන්, ද්විලිංගිකයින්, සංක්‍රාන්ති ලිංගිකයින්ට ඔය කියන ෆැෂන් බලපාන්නෙ නෑනෙ? ඒකයි අපි කියන්නෙ මේක උපතින්ම ඇති වන් සාමාන්‍ය තත්වයක් එහෙම නැත්නම් බහුතරය නොවන පිරිසට අයත් වීමක්.

සමාජයට කියන්න තියෙන්නෙ මොකක්ද?

අපි දිහා මානුෂිකව බලන්න. මේක අපේ විදිහ. අපි ඉපදිච්ච හැටි. මේක ලෙඩක් නෙමෙයි. තමන් විශ්වාස කරන ආගමික විශ්වාසයන්ට ගරු කරල අනෙකා දිහා මානුෂකව බලන්න. අපි දිහා සාමාන්‍ය විදියට බලන්න. එතකොට ප්‍රශ්නයක් නෑ. අපත් ඔබ වගේමයි. වෙනස අ‍තිශය පෞද්ගලික කාරණාවක් වන ලිංගිකත්වය විතරයි. අනික් සමකාමීන් කියන්නෙ ලිංගික අවශ්‍යතාවයක් පිරිමහගන්න පිරිසක් නෙමෙයි. ඒක ඊට එහා ගිය අධ්‍යත්මික තත්වයක්. අපේ සමබන්ධතාත් විෂමලිංගික ඔබේ වගේමයි. ආදරය සෙනෙහස අපේ සම්බන්ධකම් වලත් තියෙනව.

AIDS

Indiana public health emergency extended as HIV outbreak spreads to second county

SCOTT COUNTY, IN – The county fair is usually one of the big stories of the year for the folks living in Scott County, Indiana. 191 more words

NewsFix

HIV positive?

So here goes. I realise last time I wrote a post it was my first, so kind of introductory – I told of how I’m not in a great place, and going through a hell up and down journey with my fucked up eating pattens and low confidence. 406 more words

Depression

HIV outbreak in Indiana grows

By Jen Christensen

(CNN) — The number of new HIV infections in a rural Indiana county has grown, according to the Centers for Disease Control and Prevention. 707 more words

Health

Indiana HIV outbreak, hepatitis C epidemic sparks CDC alert

INDIANAPOLIS (AP) – An Indiana county is experiencing nearly daily increases in new HIV infections tied to intravenous drug use, and health officials hope the situation prompts other states to closely track their hepatitis C and HIV rates to identify potential clusters of disease. 359 more words

Home

Drug-Related HIV Outbreak Spurs Nationwide Alert

By Steven Reinberg
HealthDay Reporter

FRIDAY, April 24, 2014 (HealthDay News) — With narcotic painkiller abuse now linked to 142 cases of HIV in rural Indiana, U.S. 587 more words

Health News

Health Officials Worry as HIV Cases in Indiana Grow

The number of new HIV infections in Scott County, Indiana, has risen to 142, prompting local and state officials to call it a public-health emergency. 661 more words